නැගෙනහිර පළාතේ දුෂ්කර ප්‍රදේශයක් වන සීනිපුර ගම්මානයෙහි පිහිටා ඇති අප පාසල දුෂ්කරත්වය පසෙක තබමින් ස්වණමය යුගයක් කරා මේ වන විට ළගා වෙමින් සිටියි.විවිධ අංශ ඔස්සේ ජයග්‍රහණැ රැසක් ලබන අප පාසල නැගෙනහිර පළාත තුළ දීප්තිමත් පාසලක් බවට පත්ව ඇත.තොරතුරු තාක්ෂණ අංශයෙන්ද අවම පහසුකම් හා දුෂ්කරතා පැවතිය ද දරුවන්ගේ දක්ෂතාවය හා කැපවීම මත මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමට හැකිවන ලදි.ඒ වෙනුවෙන් එම කාර්ය සාර්ථකව සිදු කිරීම සදහා සහය දැක්වූ සියලු දෙනාටම මාගේ ගෞරවනීය ස්තූතිය පිරිනමන අතර දිනෙන් දින පාසල දියුණූ වේවායි ප්‍රාර්ථනා කරමි.